Devon Falls

Devon Falls – 19th Highest Waterfall

 

ඔයාලා හැමෝම නුවරඑළියේ ගිහිල්ල ඇති. නුවරඑලිය කිව්වාම අපි හැමෝටම මතක් වෙන්නේ ග්‍රේගරි වැව, අඹේවෙල ෆාර්ම් එක, හග්ගල මල් වත්ත වගෙ ප්‍රසිද්ධ තැන් කිහිපයක් විතරයි. එතනින් එහාට අපි හිතන්නේ නුවරඑළියේ බලන්න දෙයක් නෑ කියල. ඒත් අපි මෙදාසැරෙ සංචාරකයා තුලින් ඔයාලව එක්කගෙන යන්න හදන්නේ නුවරඑළියේ ඉදන් පැයක විතර දුරින් තියෙන ගොඩක් දෙනෙක් අහල තිබුනට තවම දැකලා නැති ලංකාවේ ලස්සන දිය ඇලි දෙකක් වන St. Clair’s Falls & Devon Falls බලන්න.

Read More on Wikipedia
ඔයාලා නුවරඑළියේ සංචාරයේ යනවා නං නුවරඑළියේ ඉදන් මේ මාර්ගය ඔස්සේ ඔයාලට පැයකින් විතර තලවකැලේට ලගා වෙන්න පුළුවන්.

එහෙමත් නැත්නං ඔයාලට හැටන් වල ඉදන් තලවකැලේ හරහා නුවරඑලියට යන්න පුළුවන් මේ දිය ඇලි 2ම (St. Clair’s Falls & Devon Falls) බලාගෙන.

හැමදාම දකින තැන් ටිකට යනවට වඩා මේ වගේ දිය ඇල්ලක් බලන්න ටිකක් දුර ගියාට පාඩුවක් වෙන එකකුත් නෑ. මම නං මගේ ගමන පටන් ගත්තේ තලවකැලේ නතර වෙලා හිටපු දවස් අතරතුරයි. උදේ පාන්දරම මම මගේ යාලුව එක්ක ගමන පටන් ගත්තා. තලවකැලේ ටවුන් එකේ ඉදලා පොඩි දුරක් හැටන් පැත්තට යනකොට තමයි මේ දියඇලි දෙකම අපිට හම්බ වෙන්නේ.

මුලින්ම අපි ගියේ Devon Fall බලන්න. හැටන් – තලවකැලේ පාරටත් මේ දිය ඇල්ල පේනවා. ඒත් අපිට පාරෙන් විතරක් බලල මදි හින්ද තව ටිකක් ලගට යන්න තීරණය කළා. ඔයාලටත් පුළුවන් මේ දේවාලයට යන පාර දිගේ ඇවිදගෙන ඇල්ල හොදට පේන හරියට යන්න.

ඔන්න අපි ඒ දේවාලය ගාවට ආවා.

මේ තියෙන්නේ එතනට ඇල්ල පේන විදිහ.

එදා වතුර පාර ගොඩක් සැරයි. නැත්නං අපි ඇල්ල උඩට යන්නයි හිතාගෙන හිටියේ. එදා ගියා නං තවම වැටෙන්න තිබ්බ.

Read second part here St. Clair’s Falls




________________________________
We Highly Appreciate Your Ideas. Send Your Suggestions And Ideas
contact@teamtraveler.info

DMCA.com

The Team Traveler

We are just a traveling team whom like to travel and find unseen beauty in Sri Lanka. Sharing beauty of Sri Lanka and educating is our mission.

One Comment:

  1. this is good. try to ” Kanneliya ” also.

Leave a Reply